News

මෙසීනා නෞකාවේ ගින්න මැඩපවත්වයි

මහාරාවණා ප්‍රදීපාගාරයේ සිට නාවික සැතපුම් 480ක් දුරින් යාත්‍රා කරමින් තිබිය දී එම්.එස්.නෞකාවේ එන්ජින් කාමරයේ හටගෙන තිබු ගින්න මැඩපවත්වා තිබෙනවා.

ශ්‍රී ලංකා වරාය අධිකාරිය සඳහන් කළේ, නැවේ කාර්ය මණ්ඩලය විසින් කාබන්ඩයෝක්සයිඩ් භාවිතා කරමින් ගින්න පාලනය කිරීමට කටයුතු කර ඇති බවයි. කෙසේනමුත්, තවමත් එම ස්ථානයේ සුළු ධුමාරයක් පිටවන බවට නිරීක්ෂණය වන බව ද සඳහන් කරයි.

පසුගිය ජුනි 22 වැනි දින එම්.එස්.සී. මෙසිනා නෞකාව කොළඹ වරායට පැමිණි අතර මෙහෙයුම් කටයුතු අවසන් කිරීමෙන් පසු පසුගිය බදාදා පස්වරු 03. 45 ට කොළඹ වරායෙන් පිටත්ව තිබෙනවා.

නෞකාවේ තිබූ බහාලුම් 2000 ක් පමණ කොළඹ වරායේ මෙහෙයුම් වලදී නිදහස් කළ අතර සිංගප්පුරුව බලා යාත්‍රා කරන විට එහි තිබී ඇත්තේ බහාලූම් 38 ක් පමණයි.

මීටර් 300 ක දිගකින් යුත් නෞකාවේ කාර්ය මණ්ඩලය 38 දෙනෙකුගෙන් සමන්විතයි. මේ අතර ඉන්දීය වෙරළාරක්ෂක බලකාය නිවේදනය කළේ. එම්. එස්. සී. මෙසීනා නෞකා කාර්ය මණ්ඩලයේ එක් අයෙකු අතුරුදන්ව ඇති බවයි.

විදෙස් මාධ්‍ය වාර්තා කරන අන්දමට සයිබීරියා ධජය සහිත මෙම නෞකාව කොළඹ සිට සිංගප්පූරුව බලා යාත්‍රා කරමින් තිබිය දී ගින්න හට ගෙන තිබෙනවා. එමෙන්ම, නෞකාවේ හිමිකරුවන් අදාළ නෞකාව සිංගප්පූරුවට රැගෙන යාමට බොහෝදුරට තීරණය කරනු ඇතැයි ද වාර්තා වේ.

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top