News

පුතාගේ යකඩ පොලු පහරින් පියා ජීවිතක්ෂයට

පිය – පුතු ආරවුලක් දුර දිග යාමෙන් පුතා විසින් පියාට එල්ල කරන ලද යකඩ පොලු පහරින් පියා ජීවිතක්ෂයට පත් වූ පුවතක් බේරුවල ප්‍රදේශයෙන් වාර්තා වේ.

ඔවුන් දෙදෙනා වඩු මඩුවක් පවත්වාගෙන ගොස් ඇති අතර එහිදී ඇති වූ ආරවුලක දී 29 හැවිරිදි පුත්‍රයා විසින් තම 60 හැවිරිදි පියාට යකඩ පොල්ලකින් පහර දී ඝාතනය කර තිබෙනවා.

මියගිය පුද්ගලයාගේ සිරුර කළුතර – නාගොඩ රෝහලේ තැන්පත් කර ඇති අතර මළ සිරුර සම්බන්ධයෙන් වන පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු ජුනි 26 වන දින සිදු කිරීමට නියමිතයි.

ඝාතනය සිදු කළ සැකකරු පොලිස් අත්අඩංගුවේ පසුවන අතර බේරුවල පොලීසිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කටයුතු සිදු කරයි.

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top