එම්.වී. එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමෙන් මෙරට ධීවර ක්ෂේත්‍රයට සිදු වූ හානිය වෙනුවෙන් රුපියල් මිලියන 720ක අතුරු වන්දියක් ලබා දීමට එම නෞකාවේ රක්ෂණ සමාගම එකඟතාවය පළ කර ඇති බව අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා පවසයි. අමාත්‍යවරයා සඳහන් කළේ, අදාළ රක්ෂණ සමාගමෙන් සමස්ත වන්දිය ගෙවන තුරු අතුරු වන්දියක් ලෙස එම මුදල ලබාදෙන බවයි.
මේ අතර, එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදු වූ හානිය විශ්ලේෂණය කිරීමට ඉන්දීය නාවික හමුදාවට අයත් නෞකාවක් කොළඹ වරායට ළඟා වී තිබෙනවා. අදාළ නෞකාව ජුනි 25 වන දින මෙරටට පැමිණ ඇති අතර ජුනි 26 වන දින සිට සතියක කාලයක් තුළ මීගමුව සිට පානදුර දක්වා සාගර කලාපය මතුපිට සහ අභ්‍යන්තරය විශ්ලේෂණය කිරීමට නියමිතයි.
නාරා ආයතනය, ශ්‍රී ලංකා නාවික හමුදාව හා ඉන්දීය නාවික හමුදාව එක්ව මෙම සමීක්ෂණය සිදු කරයි.

