දේශපාලන

ගම්මන්පිලට එරෙහිව විශ්වාසභංගයට දින තීරණය මීළඟ පක්ෂ නායක රැස්වීමේ දී

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව සමගි ජන බලවේගය ගෙන ආ විශ්වාසභංගය විවාදයට ගන්නා දිනය පිළිබඳව ජූලි 06 වැනිදා පක්ෂ නායක රැස්වීමේ දී තීරණය ගැනීමට නියමිත බව කතානායක මහින්ද යාපා අබේවර්ධන පවසයි.

ඉන්ධන මිල වැඩි කිරිම සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාව සමගි ජන බලවේගය විසින් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට ජුනි 22 වැනිදා භාර දෙනු ලැබූ අතර ඊට මන්ත්‍රීවරුන් 43 දෙනකු අත්සන් කර ඇත .

මෙම විශ්වාසභංග යෝජනාවට සහාය නොදෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැනටමත් ප්‍රකාශ කර ඇත .

Rivira FB Group Rivira Youtube
To Top