දේශීය පුවත්

කැළණි ගඟේ පාවෙමින් තිබූ දෑත් දම්වැල් දැමු මළ සිරුර (ඡායාරූප සහිතයි)

නවගමුව, රණාල ප්‍රදේශයේ කැළණි ගගේ පාවෙමින් තිබිය දී පුද්ගල මළ සිරුරක් ජුනි 26 වන දින දහවල් සොයා ගෙන තිබෙනවා.

මියගොස් ඇති පුද්ගලයාගේ දෑත් දම්වැලකින් බැඳ අඟුළු දමා ඇති බවත් හිසට වෙඩි පහර දෙකක් එල්ල වී ඇති සලකුණු තිබෙන බවත් පොලීසිය සඳහන් කරයි.

මිය ගොස් ඇති පුද්ගලයා ඉකුත් ජුනි 23 වන දින පැහැරගැනීමට ලක් වූ 54 හැවිරිදි පුද්ගලයෙකු බවයි පොලීසිය සැක කරන්නේ. යකඩ දම්වැලකින් අත් ගැට ගසා අගුල් දමා ඔහුව කණ්ඩායමක් විසින් පැහැරගෙන ගිය බවට හංවැල්ල පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබෙනවා.

පැහැර ගැනීමට ලක් වූ පුද්ගලයා හංවැල්ල ප්‍රදේශයේ තම අනියම් බිරිඳ සමඟ තාවකාලිකව පදිංචිව සිටි අයෙක් වන අතර ඔහු හල්දුම්මුල්ල ප්‍රදේශයේ ස්ථීර පදිංචිකරුවෙකි. මියගොස් ඇති පුද්ගලයා ඔහු විය හැකි බවට පොලීසිය සැක කරයි.

හංවැල්ල හා නවගමුව පොලීසිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කටයුතු සිදු කරයි. පහත දැක්වෙන්නේ සමාජ ජාලාවලින් උපුටා ගන්නා ලද ඡායාරූප කිහිපයකි.

Rivira FB Group Rivira Youtube
To Top