ක්‍රීඩා

එංගලන්තය හමුවේ ශ්‍රී ලංකාවට අවමන්සහගත පරාජයක්

එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර ජුනි 26 දින පැවති තුන්වන සහ අවසන් 20යි 20 ජාත්‍යන්තර තරඟයත් ජය ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත්විය. ඒ ලකුණු 89ක දැවැන්ත ජයක් ලෙසයි.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට එංගලන්ත කණ්ඩායමට ආරාධනා කළා. ඒ අනුව ලකුණු 180ක දැවැන්ත ලකුණු ප්‍රමාණයක් ලබා ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් උනා. ඒ අනුව ලකුණු 181ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම රැස්කළේ ලකුණු 91ක් පමණි. තරඟයේ අවසන් භාගය වන විට ශ්‍රී ලංකා කණ්ඩායම තරඟය අත්හැර දැමූ ස්වාභාවයක් දකින්නට තිබුණා.

ඒ අනුව තරගාවලිය 3-0ක් ලෙස ජයගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් උනේ වරෙක 20යි 20 ලෝක ශූරයින් වූ ශ්‍රී ලංකා කණ්ඩායමට අවමන්සහගත පරාජයක් අත්කර දෙමින්.

Rivira FB Group Rivira Youtube
To Top