දේශීය පුවත්

වැලිකඩ රැඳවියන් යළිත් වහළයට නගියි

තමන්ට නියම වී තිබෙන දඬුවම ජීවිතාන්තය දක්වා අඩු කරන ලෙස ඉල්ලමින් වැලිකඩ බන්ධනාගාරයේ සිටින මරණ දඬුවම නියම වී සිටින රැඳවියන් පිරිසක් විසින් බන්ධනාගාරයේ වහලයක් මත නැගී යළිත් විරෝධතාවයේ නිරත වන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පවසයි.

ජුනි 26 වන දින පස්වරුවේ මෙම විරෝධතාවය නතර කෙරුණ ද යළිත් රාත්‍රියේ දී විරෝාතාවය ආරම්භ කර ඇති බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

එමෙන්ම, පොදු සමාව ලබා දීමේ දී සැමට එක ප්‍රතිපත්තියක් අනුගමනය කරන ලෙස ඉල්ලමින් වැලිකඩ සහ මහර බන්ධනාගාරවල රැඳවියන් ආරම්භ කරන ලද ආහාර වර්ජනය තවදුරටත් ක්‍රියාත්මකයි.

අදාළ බලධාරීන් සමඟ සාකච්ඡා කර ක්‍රියාමාර්ග ගන්නා බවට බන්ධනාගාර නිලධාරීන් විසින් අදාළ රැඳවියන් වෙත දැනුම් දී ඇති බව ද බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

Rivira FB Group Rivira Youtube
To Top