පරිසරය

තිස්ස වැවේ රොන් මඩ ඉවත් කිරීම නවතයි

චීන සමාගමක් විසින් සිදු කරන ලද තිස්ස වැවේ රොන් මඩ ඉවත් කිරීමේ කටයුතු නතර කරවූ බව පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ජ්‍යෙෂ්ට මහාචාර්ය අනුර මනතුංග මහතා පවසයි.

අදාළ ව්‍යාපෘතිය සඳහා පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවෙන් අවසර ලබා ගන්නා තුරු ව්‍යාපෘතිය නතර කරන්නැයි හම්බන්තොට දිස්ත්‍රික් පුරාවිද්‍යා සහකාර අධ්‍යක්ෂිකා වසන්තා අලහකෝන් මහත්මිය වාරිමාර්ග දෙපාර්තමේන්තුවට ලිඛිතව දන්වා තිබෙනවා. ඒ අනුව ජුනි 25 දා සිට එම කටයුතු නවත්වා ඇතැයි අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි.

ක්‍රි.පූ. 3 වන සියවසේ දී ඉදිකර ඇතැයි සැලකෙන තිස්ස වැවේ කවර ප්‍රතිසංස්කරණ කටයුත්තක් සිදුකළත් ඒ සඳහා පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ අවසර ලබා ගත යුතු බව මනතුංග මහතා පවසයි. කෙසේ වෙතත් මේ වන තෙක් තිස්ස වැවේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා අවසර ඉල්ලමින් කිසිදු ලිපියක් ලැබී නොමැති බවයි පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසන්නේ.එහි පැවැති බොහෝ පුරා වස්තූන් සේද ගොස් වැව් පතුලේ ඇතැයි විශ්වාස විශවාස කරන බව පුරාවිද්‍යාව පිළීබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව මහතා කියයි.

එහි මීට පෙර කරනලද කැණීම්වල දී ගජ ලක්ෂ්මී කාසි දහස් ගණනක් හමුවූ බවත් වැවෙහි මඩ ඉවත් කිරීම අනිවාර්යයෙන් පුරා විද්‍යා දෙපාර්තමේන්තු පරික්ෂණවලින් පසු කළ යුතු බවත් ඔහු කියා සිටියේය.

මේ අතර, පැරණි මාගම නගරය මෙම වැව ඉස්මත්තේ පිහිටා ඇති අතර එම නගරයේ පැවති බොහෝ පුරා වස්තූන් සේදී ගොස් වැව් පතුලේ ඇතැයි විශ්වාස විශවාස කරන බව පුරාවිද්‍යාව පිළීබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව මහතා පවසයි. එහි මීට පෙර කරනලද කැණීම්වල දී ගජ ලක්ෂ්මී කාසි දහස් ගණනක් හමුවූ බවත් වැවෙහි මඩ ඉවත් කිරීම අනිවාර්යයෙන් පුරා විද්‍යා දෙපාර්තමේන්තු පරික්ෂණවලින් පසු කළ යුතු බවත් ඔහු වැඩිදුරටත් පවසයි.

Rivira FB Group Rivira Youtube
To Top