රැකියා සඳහා විදෙස්ගත වන සියලුම පුද්ගලයින්ට කොවිඩ් මර්දන එන්නත ලබා දීමට රජය තීරණය කර ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ත කාර්යාංශය නිවේදනය කරයි.
මෙම එන්නත ලබාදීම සඳහා සුදුසුකම් ලබන්නේ, රැකියා සඳහා විදේශගතවීමට අවශ්‍ය, රැකියා ගිවිසුම, වීසා බලපත්‍රය හා රැකියා ප්‍රදානය කිරීමේ පත්වීම් ලිපිය යන ලේඛන ලැබූ පුද්ගලයින් පමණි.
බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිත ආයතනයක් මගින් විදේශගත වන අය එම රැකියා ඒජන්සිය හරහා ද, ස්වයං මාර්ගයෙන් විදේශගතවන්නන් කාර්යාංශයට දුරකථන ඇමතුමක් ලබාදී අදාළ තොරතුරු ඉදිරිපත් කර ලියාපදිංචිය ලබාගත යුතුය.
එන්නත් කිරීම් කටයුතු ඉදිරි සතියේ ආරම්භ කිරීමට නියමිත අතර මේ සම්බන්ධව වැඩිදුර තොරතුරු 1989 අංකය ඇමතීමෙන් ලබාගත හැකිය.

