ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ දී පසුගිය ජුනි 5 වනදා සහ 7 වනදා ඇස්ට්‍රාසෙනෙකා දෙවැනි මාත්‍රාව ලබාගත් පුද්ගලයින් 632 දෙනෙකු අතරින් 425ක්ම බස්නාහිර පළාතෙන් පැමිණි අය බව අනාවරණය වී තිබෙනවා.
ගාල්ල මහේස්ත්‍රාත්වරයාගේ නියෝගයකට අනුව දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා විසින් ගාල්ල පොලීසිය වෙත ලබා දෙන ලද නාම ලේඛනයේ මේ බව සඳහන් වේ.
සෙසු පිරිස අතර ගාල්ලේ 90 දෙනෙකු, ඇල්පිටියේ 27 දෙනෙකු සහ මාතර ප්‍රදේශයේ 09 දෙනෙකු ද සිටින බව වාර්තා වේ.
පසුගිය ජුනි 5 හා 7 යන දෙදින තුළ කොවිෂීල්ඩ් එන්නතේ දෙවැනි මාත්‍රාව ලබා ගැනීමට බස්නාහිර පළාතෙන් විශාල පිරිසක් දක්ෂිණ අධිවේගී මාර්ගයෙන් ගාල්ල වෙත පැමිණ ඇති බවට ගාල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය විසින් සිදු කරන ලද කරුණු දැක්වීම සලකා බලමින් අදාළ දිනයන්හි දී එන්නත් ලබා දුන් පුද්ගලයන්ගේ නාම ලේඛනය ගාල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය වෙත ලබා දෙන්නැයි ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් ජුනි 14 වන දින දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාට හා උණවටුන ඖෂධ ගබඩාවේ පාලකවරයාට නියෝග කරනු ලැබුවා.
එමෙන්ම මේ අයුරින් අවිධිමත් ලෙස කොවිඩ් මර්දන එන්නත් ලබා දුන් බවට එල්ල වූ චෝදනා හේතුවෙන් ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා සහ ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥවරයා ද පසුගිය ජුනි 09 වැනි දින ස්ථාන මාරු කෙරුණා.

