මහියංගණය, ගැමුණුපුර ප්‍රදේශයේ දී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුගේ රාජකාරියට බාධා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ට නියෝජ්‍ය පොලිස්පත් අජිත් රෝහණ මහතා පවසයි.
සාපරාධී බලහත්කාරය පෑමේ චෝදනාව මත අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.
මහියංගනය පොලීසිය විසින් සිදුකළ පරීක්ෂණයක දී අනාවරණය වී ඇත්තේ, එම ප්‍රදේශයේ කොවිඩ් ආසාදිත ස්වාමීන් වහන්සේ නමකගේ ළඟම ආශ්‍රිතයින් සෙවීමේ දී අදාළ පුද්ගලයා බාධා ඇති කළ බවය.
අත්අඩංගුවට ගත් පුද්ගලයා මහියංගණය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන ජුලි මස 09 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් මහියංගණය පොලීසිය වැඩිදුර පරීක්ෂණ කටයුතු මෙහෙයවයි.

