දේශපාලන

හිටපු ජනාධිපතිවරයා අමාත්‍ය ධුරයක දිව්රුම් දෙන බවට පළවන වාර්තා අසත්‍යයි

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරි දිනකදී කැබිනට් අමාත්‍ය ධූරයක දිව්රුම් දීමට නියමිතව ඇති බව ජුනි 28 වන දින මාධ්‍ය තුළ පළවූ වාර්තාව සම්පුර්ණයෙන් අසත්‍ය වාර්තාවක් බව හිටපු ජනධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පුද්ගලික ලේකම් සමිර ද සිල්වා මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

හිටපු ජනාධිපතිවරයා අමාත්‍ය ධූරයක් හෝ කිසිදු තනතුරක් තමා වෙත ලබා දෙන ලෙස රජයෙන් ඉල්ලීමක් කර නොමැති අතර එවැනි කිසිදු තනතුරක් ලබා ගැනීමට මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා බලපොරොත්තු නොවන බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

Rivira FB Group Rivira Youtube
To Top