Update at 4.30 PM
එංගලන්ත තරඟ සංචාරය අතරතුර දී ආරක්ෂක ජෛව බුබුලෙන් පිටතට ගොස් රීති කඩ කිරීම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උප නායක කුසල් මෙන්ඩිස්, කඩුලු රකින්නා වන නිරෝෂන් දික්වැල්ල හා ආරම්භක පිතිකරු වන ධනුෂ්ක ගුණතිලකට තාවකාලික තරඟ තහනමක් පැනවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබෙනවා.
එමෙන්ම, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කර ඉදිරි ක්‍රියා මාර්ග ගන්නා බවත්, මොවුන් තිදෙනා වහාම මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් සඳහන් කරයි.
___________________________________________________________________________________________________________________________
තරඟ සංචාරයක් සඳහා එංගලන්තය බලා පිටත්ව ගොස් සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උප නායක කුසල් මෙන්ඩිස්, ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක හා කඩුලු රකින නිරෝෂන් දික්වැල්ල රාත්‍රියේ එංගලන්තයේ වීථියක සැරිසරන වීඩියෝවක් සමාජ මාධ්‍යවල හුවමාරු වනවා.
ක්‍රිකට් තරඟාවලිය ජෛව ආරක්ෂක බුබුළකට යටත්ව පැවැත්වෙන් බැවින් එම රීති උල්ලංඝනය කර ඇත්නම් ඔවුන් තිදෙනා වහාම කණ්ඩායමෙන් ඉවත් කර මෙරටට ගෙන්වා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් තීරණය ගෙන තිබෙනවා.
ඔවුන් මෙරටට ගෙන්වා ගැනීමෙන් අනතුරුව දැඩි විනය ක්‍රියාමාර්ගයක් ගන්නා බව ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරයි. එමෙන්ම, සිද්ධිය සම්බන්ධයෙන් කණ්ඩායම් කළමනාකාරිත්වයෙන් කරුණු විමසා වාර්තාවක් කැඳවීමට ද, අදාළ රීති කඩ කර ඇත්නම් ක්‍රීඩකයින් වහාම මෙරට බලා එන පළමු ගුවන් යානයෙන්ම හරවා එවිය යුතු බව ද කළමනකාරිත්වයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

