කොවිඩ්-19

ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත තවත් පුද්ගලයෙක් හඳුනා ගනියි

ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ආසාදිත වූ තවත් පුද්ගලයෙක් කහතුඩුව, ජයලිගම ප්‍රදේශයෙන් හඳුනාගත් බව කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ධනුක පත්මරාජ මහතා පවසයි. වෛරසය ආසාදිත වූ පුද්ගලයා මේ වන විට ප්‍රතිකාර සඳහා පොළොන්නරුව කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමු කර තිබෙනවා.

මෙම පුද්ගලයා කොළඹ කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ ඉදිකිරීම් ආයතනයක පෙදරේරුවෙකු ලෙස සේවය කරන 47 හැවිරිදි අයෙකු වන අතර ඔහුගේ පවුලේ මව, බිරිඳ හා පුත්‍රයා ඇතුළුව තවත් පවුල් 50ක පුද්ගලයින‌්‌ නිරෝධායනය සඳහා යොමු කර තිබෙනවා.

එමෙන්ම, මේ වන විට ජයලිගම ප්‍රදේශයට සංචරණ සීමා පැනවීමට ද පියවර ගෙන තිබෙන අතර එම ප්‍රදේශයේ අහඹු පී.සී.ආර් පරීක්ෂණ 100ක් පමණ සිදු කිරිමට වසංගත රෝග විද්‍යා ඒ්කකයෙන් උපදෙස් ලැබී තිබෙන බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ධනුක පත්මරාජ වැඩිදුරටත් සඳහන් කළා.

Rivira FB Group Rivira Youtube
To Top