News

ලී කොටයේ තබා ඇණ ගැසූ සිද්ධියට සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට

මුහුණු පොත හරහා අපහාස කළැයි පුද්ගලයින් දෙදෙනෙකු පැහැරගෙන ගොස් ලී කොටයකට තබා ඇණ ගැසූ සිද්ධියට අදාළව සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම සැකකරුවන්ගෙන් එක් අයෙකුගේ වෑන් රථය මෙම පුද්ගලයින් දෙදෙනා පැහැරගැනීමට යොදා ගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

අනෙක් සැකකරුවන් දෙදෙනා පොලිස් විශේෂ කාර්යබලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුවා වන අම්පිටිය ප්‍රදේශයේ දේවාලයක් පවත්වාගෙන ගිය කට්ටඩියා සහ සෙසු සැකකරුවන් 10 දෙනා අත්අඩංගුවට ගැනීමට විශේෂ පොලිස් කණ්ඩායම් පහක් යොදවා ඇති බව ද වාර්තා වේ.

පසුගිය 25 වන දින සැකකාර කට්ටඩියා විසින් තමාට මුහුණු පොත හරහා අපහාස කළැයි කියන තම මිතුරන් දෙදෙනා නිවසට ගෙන්වා ගෙන පසුව පිරිසක් සමඟ මොවුන් පැහැර ගෙන ගොස් අමානුෂික ලෙස වද හිංසා පමුණුවා කුරුසයේ තබා ඇණ ගසන ආකාරයට ලී කොටයකට තබා ඇණ ගසා තිබෙනවා.

වද හිංසාවට ලක් වූ කඩුවෙල හා පොල්ගොල්ල යන ප්‍රදේශවල පදිංචි 44 හා 38 හැවිරිදි පුද්ගලයින් දෙදෙනා මේ වන විට මහනුවර රෝහලේ ප්‍රතිකාර ලබනවා.

To Top