Politics

සාගර කාරියවසම්ට වාරණ නියෝගයක්

කුරුවිට ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී එස්. රත්නසිරි මහතා එම ධූරයෙන් ඉවත් කර ඒ සඳහා වෙනත් අයෙකු පත් කිරිම වළකාලමින් කොළඹ දිසා අධිකරණය විසින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් මහතාට වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා.

අදාළ වාරණ නියෝගය නිකුත් කර ඇත්තේ රත්නසිරි මන්ත්‍රීවරයා විසින් ගොනු කරන ලද පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුව ලබන 12 වනදා දක්වා බලපැවැත්වෙන පරිදි ය.

ඊට අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙසට අධිකරණය එහි වගඋත්තරකරුවන් වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් මහතාට සහ අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාට නොතිසි නිකුත් කර තිබෙනවා.

2020 මැයි මස 20 දා කුරුවිට ජල යෝජනා ක්‍රමය අසල දී අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාට අවමන් සහගත අයුරින් බැන වැදුණේ යැයි චෝදනා කරමින් තමන්ව ඉවත් කොට එම පුරප්පාඩුව සඳහා වෙනත් අයෙකු පත්කරන ලෙස අමාත්‍යවරයා විසින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම්වරයාගෙන් ඉල්ලීමක් කර තිබු බව පැමිණිලිකරු අධිකරණය හමුවේ සඳහන් කර ඇත.

තමන්ව පක්ෂයෙන් නෙරපීමට ගත් ක්‍රියාමාර්ගය නීතියට පටහැනි යැයි පෙන්වා දෙන පැමිණිලිකාර මන්ත්‍රීවරයා තමන්ව ඉවත් කොට එම පුරප්පාඩුව සඳහා වෙනත් අයෙකු පත් කිරීම වළක්වාලමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම්වරයා වෙත වාරණ නියෝගයක් නිකුත් කරන ලෙස සිය පැමිණිල්ලෙන් ඉල්ලා තිබුණි.

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top