වැඩි මිලට සහල් අලෙවි කරන වෙළඳුන් වෙනුවෙන් දැනට පවත්නා රුපියල් 2500ක දඩය රුපියල් ලක්ෂයක් දක්වා ඉහළ නැංවීමට ජුනි 28 වන දින අමාත්‍ය මණ්ඩලය අනුමැතිය හිමි ව තිබෙනවා.
වෙළඳපොළේ සහල් මිල අඛණ්ඩව ඉහළ යාම සැලකිල්ලට ගනිමින් මිල පාලන ක්‍රමවේදයක් ලෙස මෙලෙස දඩ මුදල ඉහළ නැංවීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බවයි වාර්තා වන්නේ.

