ගම්පහ රෝහලට අයත් ගිලන් රථයක් ජුනි 28 වන දින පස්වරුවේදී ගම්පහ නගරයේ ධාවනය වෙමින් තිබිය දී ගිලන් රථයට හා එහි රියදුරුට පහරදීමක් සිදුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, අජිත් රෝහණ මහතා පවසයි.
අදාළ පහරදීම සිදු කරන ලද පුද්ගලයා එම අවස්ථාවේ දී බීමතින් සිට ඇති බව විමර්ශනවලදී අනාවරණය වූ බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි. කඩවත, පහළදියන්වල පදිංචි 65 හැවිරිදි අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ජුනි 29 වන දින අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
පොදු දේපළ පනත යටතේ සහ බීමතින් සිදු කළ වැරදි වලට සහ රියදුරාට පහරදීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව නඩු පැවරීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පවසයි.

