පසුගිය ජුනි 26 වන දින නවගමුව, රණාල ප්‍රදේශයේ කැළණි ගඟේ පාවෙමින් තිබිය දී සොයා ගත් පුද්ගලයාගේ මරණයට හේතුව අනියම් පෙම් සබඳතාවය බවට විමර්ශනවලදී අනාවරණය වි ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
මිය ගිය පුද්ගලයා කාන්තාවක් සමඟ අනියම් සබඳතාවයක් පවත්වා ඇති අතර ඇය සමඟ එකට වාසය කර තිබෙනවා. එම කාලය තුළ දී ම අදාළ කාන්තාව විසින් තවත් පුද්ගලයෙකු සමඟ පැවැත් වූ අනියම් සබඳතාවයක් හේතුවෙන් ඇති වූ ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදු කර ඇතැයි පොලීසිය සඳහන් කරයි.
ඒ අනුව, අදාළ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් මිය ගිය පුද්ගලයා සමඟ අනියම් සබඳතාවය පැවැත්වූ කාන්තාව, ඇය සමඟ අනියම් සබඳතාවය පවත්වාගෙන ගිය ප්‍රධාන සැකකරු හා මියගිය පුද්ගලයාගේ ඥාතියෙකු වන පුද්ගලයෙකු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වැඩිදුර කියවන්න

