මැද පෙරදිග රටවල් 6ක සිට ශ්‍රී ලංකාවට පැමිණෙන ගුවන් මගීන්ට ජූලි 01 වැනිදා සිට ජූලි 13 වනදා දක්වා මෙරටට පැමිණීම අත්හිටුව ඇති බව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසයි.
ඒ අනුව, සවුදි අරාබිය, ඩුබායි, කටාර්,කුවේට්, බහරේන් හා ඔ්මානය යන රටවල්වල ගුවන් මගීන් සඳහා මෙම තාවකාලික ගුවන් තහනම පනවා ඇති බව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
ඊට අමතරව ජුලි මස 31 වනදා දක්වා ඇංගෝලාව, බොස්ට්වානා, ලෙසෙතෝ, මොසැම්බික්, නැම්බියාව, ස්වාසිලන්තය, සැම්බියාව සහ සිම්බාබ්වේ යන රටවල් සිට පැමිණෙන මගීන් සඳහා ද මෙරටට පැමිණීමේ තහනමක් පැනවීමට ජුනි 28 වන දින පියවර ගනු ලැබීය.

