දුම්රිය රියදුරන් සහ නියාමකවරුන් ජුනි 30 වන දින පෙ.ව. 8.00 සිට සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.
විදෙස් සමාගමක් සමඟ දුම්රිය ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම සඳහා ඩිජිටල් ක්‍රමවේදයක් හඳුන්වා දීම මඟින් සිදු වන බව කියන මූල්‍ය වංචාවට එරෙහිව මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය සිදු කරනු ලබනවා.
මේ පිළිබඳව සාකච්ඡා වට කිහිපයක් සිදු කළ ද ඒ සඳහා නිසි පිළිතුරක් නොලැබීම හේතුවෙන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ගත් බව දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමයේ සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා පවසයි.
වර්ජනය පිළිබඳ අදහස් දැක්වු ඉන්දික දොඩම්ගොඩ මහතා,
“පසුගිය මාස කිහිපයක සිටම ජනාධිපතිවරයා ඇතුළු රජයේ ඉහළ බලධාරීන්ට වගේම දුම්රිය දෙපාර්තමේන්තුව සහ ප්‍රවාහන අමාත්‍යාංශ මට්ටමින් අපි දිගින් දිගටම දැනුවත් කළා කොළඹ තදාසන්න ව්‍යාපෘති කාර්යාලය නමින් පිහිටුවා ගත්ත ආයතනයක් තියෙනවා. මේකෙන් මේ වෙන කොට විශාල මුල්‍ය වංචාවක් ගන්නාවක් සිදුකරලා තියෙනවා. ආසියානු සංවර්ධන බැංකුව ණය අරගෙන ව්‍යාපෘතිවල සක්‍යතා අධ්‍යයන කරන්න කියලා ඩොලර් මිලියන 28ක් විතර මේ වෙන කොට වියදම් කරලා. මේ සඳහා අවසාන වශයෙන් අපට මැදිහත් වෙන්න තියෙන්නේ මේ වෘත්තීය ක්‍රියාමාර්ගයට අවතීර්ණ වෙලා.“

