Covid-19

බස්නාහිර 60ට වැඩි පුද්ගලයින්ට අද සිට කොරෝනා එන්නත

බස්නාහිර පළාතේ වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින්ට ජුනි 30 වන දින සිට රෝහල් 45ක දී කොරෝනා මර්දන එන්නත් ලබා දීම ආරම්භ කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව, කොළඹ, කළුතර හා ගම්පහ යන දිස්ත්‍රික්කවල පිහිටි රෝහල් 45ක එන්නත් ලබා දීම සිදු කෙරෙනු ඇති.

බස්නාහිර පදිංචි වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින්ට තමාට ළඟම පිහිට රෝහලට ගොස් සයිනොෆාම් කොරෝනා මර්දන එන්නත ලබා ගත හැකියි.

To Top