Covid-19

නිරෝධායන රීති කඩා මංගල උත්සවයක් පැවැත්වූ 20ක් නිරෝධායනයට

නිරෝධායන රීති උල්ලංඝනය කර පානදුර, පල්ලේමුල්ල ප්‍රදේශයේ දී පැවත් වූ විවාහ උත්සවයකට සහභාගී වු පුද්ගලයින් 20 දෙනෙකු එම ස්ථානයේ දී ම නිරෝධායනයට යොමු කර තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, නීතිඥ අජිත් රෝහණ මහතා පවසයි.

සෞඛ්‍ය රීති උල්ලංඝනය කරමින් මංගල උත්සවයක් පැවැත්වෙන බවට ලද තොරතුරක් මත පානදුර කෙසෙල්වත්ත පොලීස් නිලධාරීන් හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් මෙම වැටලීම කර ඇත.

අදාළ පුද්ගලයින් 20 දෙනාගේ දින 14ක නිරෝධායන කාල සීමාව අවසන් වූ පසුව නිරෝධායන නීතිය හා දණ්ඩ නීති සංග්‍රහයේ ප්‍රතිපාදන අනුව අදාළ ක්‍රියාමාර්ග ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

මේ අතර ගතවු පැය 24ක කාලය තුළ නිරෝධායන රීති උල්ලංඝනය කළ පුද්ගලයින් 433ක් ද පොලිස් භාරයට ගෙන තිබේ. ඒ අනුව, පසුගිය ඔක්තෝබර් 30 වන දින සිට අද දක්වා අත්අඩංගුවට පත්වු මුළු සංඛ්‍යාව 45,532ක් වේ.

To Top