ප්‍රවාහන අමාත්‍යාංශයේ දී පැවති සාකච්ඡාවකින් අනතුරුව ජුනි 30 වන දින පෙරවරුවේ ආරම්භ කරන ලද සංකේත වැඩවර්ජනය නවතා දැමීමට තීරණය කළ බව දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමය පවසයි.
එම සංගමය පැවසුවේ, විදෙස් සමාගමක් සමඟ දුම්රිය ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම සඳහා ඩිජිටල් ක්‍රමවේදයක් හඳුන්වා දීම මඟින් සිදු වන බව කියන මූල්‍ය වංචාවට එරෙහිව මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ගත් බවයි.
මේ පිළිබඳව සාකච්ඡා වට කිහිපයක් සිදු කළ ද ඒ සඳහා නිසි පිළිතුරක් නොලැබීම හේතුවෙන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ගත් බව දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමයේ සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා පවසයි.
සම්බන්ධිත පුවත්

