මැද පෙරදිග රටවල් 6ක ගුවන් මගීන්ට ජුලි 1 වන දා සිට ජුලි 13 වනදා දක්වා ශ්‍රී ලංකාවට ඇතුළු වීම වළක්වාලමින් පනවා තිබූ තාවකාලික තහනම කොන්දේසි සහිතව ඉවත් කර තිබෙනවා.
කටාර්, ඕමාන්, බහරේන්, එක්සත් අරාබි එමීර් රාජ්‍ය, සෞදි අරාබිය හා කුවේට් යන රටවල සිට පැමිණෙන මගීන් සඳහා මෙම කොන්දේසි අදාළ වන බව සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කරයි.
ඒ අනුව, අදාළ රටවල්වල සිට මෙරටට පැමිණෙන මගීන් සතුව තමන් ආසාදිතයෙකු නොවන බවට සහතික කරන පී.සී.ආර්. පරීක්ෂණ වාර්තාවක් තිබිය යුතු අතර ඇන්ටිජන් පරීක්ෂණ වාර්තාවන් පිළි නොගන්නා බව ද දැනුම් දේ. අදාළ මගීන් ගුවන් යානයට ගොඩ වීමට පෙර ඒ පිළිබඳව සොයා බැලිය යුතුයි. පී.සී. ආර්. පරීක්ෂණ රජයේ හෝ අනුමත ආයතනයකින් සිදු කළ යුතු අතර ඊට අදාළ කිව්. ආර්. සංකේත එහි සඳහන් විය යුතුයි.
මෙලෙස පැමිණෙන මගීන් හට අවසර ලැබෙන්නේ හෝටල් නිරෝධායනයට හෝ ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලයේ ජෛව ආරක්ෂිත බුබුළ මත පමණි.
කෙසේවෙතත් ජුලි මස 31 වනදා දක්වා ඇංගෝලාව, බොස්ට්වානා, ලෙසෙතෝ, මොසැම්බික්, නැම්බියාව, ස්වාසිලන්තය, සැම්බියාව සහ සිම්බාබ්වේ යන රටවල් සිට පැමිණෙන මගීන් සඳහා පැනවු තහනම තවදුරටත් ක්‍රියාත්මක වේ.

