News

මහර සහ වැලිකඩ රැඳවියන්ගේ විරෝධතාවය අත්හිටුවයි

මහර සහ වැලිකඩ යන බන්ධනාගාරවල රැඳවියන් පිරිසක් විසින් දින පහක් තිස්සේ ආරම්භ කර තිබූ ආහාර වර්ජනය සහ විරෝධතාවය අත්හිටුවා තිබෙනවා.

බන්ධනාගාර රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා හා බන්ධනාගාර කොමසාරිස්වරයා රැඳවියන් සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණයට එළැඹි බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පැවසීය.

පොදු සමාව ලැබීමේ දී සැමට එක ප්‍රතිපත්තියක් අනුගමනය කරන ලෙස ඉල්ලමින් මහර සහ වැලිකඩ බන්ධනාගාරවල රැඳවියන් පිරිසක් විසින් ආහාර වර්ජනයක නිරත විය. තවද, තමන්ට නියම වී තිබෙන මරණ දඬුවම ජීවිතාන්තය දක්වා සිරදඬුවමක් ලෙස ලිහිල් කරන ලෙස ඉල්ලමින් වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් බන්ධනාගාරයේ වහලය මත නැඟි විරෝධතාවයේ නිරත විය.

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top