දේශීය පුවත්

පාන් ගෙඩියක මිල රුපියල් 10කින් ඉහළට

ලබන සතියේ සිට පාන් ගෙඩියක මිල රුපියල් 10කින් ඉහළ දමන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා පවසයි.

සෙරන්ඩිබ් ආයතනය පසුගිය සතියේ සිට තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 18කින් ඉහළ දැමීම හේතුවෙන් මෙලෙස පාන් ගෙඩියක මිල ඉහළ දැමීමට සිදුවන බවයි පැවසුවේ.

ඩීසල් මිල වැඩි කිරීම හේතුවෙන් මීට පෙර පාන් හැර සෙසු බේකරි නිෂ්පාදනයන්ගේ මිල රුපියල් 5ත් 10ත් අතර මිලකින් ඉහළ දමන ලදී.

Rivira FB Group Rivira Youtube
To Top