Covid-19

එක් දිනක් තුළ එන්නත් ලබා ගත් වැඩිම පිරිස ඊයේ දිනයේ දී වාර්තා වෙයි

කොවිඩ් – 19 මර්දනය සඳහා එන්නත් ලබා දීමේ වැඩපිළවෙල යටතේ එක් දිනක දී ලබා දුන් වැඩිම එන්නත් ප්‍රමාණය ජුනි 30 වන දින ලබා දී තිබෙනවා.

ඒ අනුව, ජුනි 30 වන දිනයේ දී පමණක් සයිනොෆාම් එන්නත් මාත්‍රා 170,995ක් ලබා දී ඇති බව ඖෂධ සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා සඳහන් කරයි.

ඉන් සයිනොෆාම් එන්නත් මාත්‍රා 91,759ක් පළමු මාත්‍රාව ලෙස ද, මාත්‍රා 79,239ක් දෙවන මාත්‍රාව ලෙස ද ලබා දී තිබෙනවා.ඊට අමතරව කොවිෂීල්ඩ් එන්නතේ දෙවැනි මාත්‍රාව 2523ක් ද, ස්පුට්නික් එන්නත පුද්ගලයින් දෙදෙනෙකු ට ද ලබා දී ඇත. ඒ අනුව, ශ්‍රී ලංකාව තුළ ජුනි 30 වන විට ලබා දී ඇති එන්නත් මාත්‍රා ගණන 3,366,623ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මේ අතර, බස්නාහිර පළාතේ වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින් සඳහා සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබා දීම ජුනි 30 වන දින ආරම්භ කෙරිණි. කොළඹ, ගම්පහ සහ කළුතර යන දිස්ත්‍රික්කයන්හි පිහිටි රෝහල් 45ක දි ජුනි 01 වැනි දිනයේ දී ත් එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

Rivira FB Group Rivira Youtube
To Top