Covid-19

මහනුවර, නුවරඑළිය හා යාපනය දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක් හුදකලා කරයි

මහනුවර, නුවරඑළිය හා යාපනය යන දිස්ත්‍රික්ක තුනට අයත් ප්‍රදේශ කිහිපයක් ජුලි 01 වැනිදා පෙරවරු 6.00 සිට හුදකලා කිරීමට පියවර ගෙන ඇති බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

හුදකලා කළ ප්‍රදේශ පහතින් දැක්වේ.‍

යාපනය දිස්ත්‍රික්කය

  • කයිට්ස් පොලිස් බලප්‍රදේශයේ,
    • කරෛයිනගර් ග්‍රාම නිලධාරී වසමේ කල්ලිත්තේරු කොටස
    • කලවන්තාලව් කොටස

මහනුවර දිස්ත්‍රික්කය

  • මහනුවර පොලිස් බලප්‍රදේශයේ,
    • සුදුහුම්පල බටහිර ග්‍රාම නිලධාරී වසමේ වෙළමැද පාරගම

නුවරඑළිය දිස්ත්‍රික්කය

  • කොත්මලේ පොලිස් බලප්‍රදේශයේ,
    • ඩන්සිනන් ග්‍රාම නිලධාරී වසමේ මැද කොටස
To Top