පවතින කොවිඩ් වසංගත තත්ත්වය සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 13කට ගමන් කිරීම වළක්වාලමින් එක්සත් අරාබි එමීර් රාජ්‍යය විසින් සිය පුරවැසියන්ට සංචාරක තහනමක් පනවා තිබෙනවා.
ඒ අනුව, ශ්‍රී ලංකාවට අමතරව, ඉන්දියාව, බංග්ලාදේශය, නේපාලය යන දකුණු ආසියානු රටවල් ද, අප්‍රිකාව ඇතුළු රටවල් 08ක් ද, ගිනිකොණ ආසියානු රටක් වන වියට්නාමය සඳහා ද මෙම සංචාරක තහනම පනවා තිබෙනවා.

