අධ්‍යාපනය

උසස් අධ්‍යාපන කටයුතු සඳහා විදෙස්ගත වන අයටත් කොවිඩ් එන්නත

උසස් අධ්‍යාපනය හා වැඩිදුර අධ්‍යාපනය සඳහා විදෙස්ගත වන්නන් හට කොවිඩ් මර්දන එන්නත් ලබා දීමේ වැඩසටහනක් ජුලි 02 වන දිනයේ සිට ආරම්භ වීමට නියමිතයි.

ඒ අනුව, එන්නත්කරණය පූර්ණ අවශ්‍යතාවයක් ලෙස දක්වා ඇති රටවලට විදෙස්ගත වීමට නියමිත ශිෂ්‍ය, ශිෂ්‍යාවන් සඳහා සයිනොෆාම් එන්නත ලබා දීමට වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

එම එන්නත්කරණය අවශ්‍ය වන සිසුන් පූර්ව ලියාපදිංචි වීමක් අවශ්‍ය වන අතර ඒ සඳහා ජුලි මස 02 වැනි දින සිට www.army.lk/covid19 යන කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ වෙබ් අඩවියට ඇතුළු වී PRE-DEPARTURE VACCINATION- STUDENTS යන දිගුව ඔස්සේ ලියාපදිංචි වීම සිදු කළ හැකිය.

එසේ ලියාපදිංචි වී දින 2ක් ඇතුළත කෙටි පණිවුඩයක් මඟින් එන්නත්කරණය ලබාගත යුතු දිනය, වේලාව සහ ස්ථානය අයදුම්කරු වෙත ලබා දෙනු ඇත.

Rivira FB Group Rivira Youtube
To Top