කොවිඩ්-19

අවුරුදු 30ට වැඩි බස්නාහිර සියලුදෙනාට ජුලි 31ට පෙර එන්නත ලබා දෙන්නැයි ජනපතිගෙන් උපදෙස්

වයස අවුරුදු 30ට වැඩි බස්නාහිර පළාතේ සියලු දෙනාට ජූලි 31ට පෙර එන්නත ලබාදී අවසන් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෞඛ්‍ය අංශ වෙත දැනුම් දී තිබෙනවා. මේ වන විට කොළඹ දිස්ත්‍රික්කයේ එම වයස් කාණ්ඩයේ 60%කටත්, ගම්පහ 47%කට සහ කළුතර 34%කට පළමු මාත්‍රාව ලබා දී තිබේ.

ඇණවුම් සම්පූර්ණ කර ඇති එන්නත් ලැබීමත් සමඟ විධිමත් සැලැස්මක් යටතේ, සැප්තැම්බර් මසට පෙර දිවයිනේ සියලු ප්‍රදේශවල ඉහළ ප්‍රතිශතයකට එන්නත ලබාදීමේ අවශ්‍යතාව ද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දී තිබුනේ, එන්නත්කරණය හා ඉදිරි මෙහෙයුම් සම්බන්ධයෙන් ජුලි 02 වන දින පෙරවරුවේදී ජනාධිපති කාර්යාලයේ දී පැවති හමුවක දී ය.

Rivira FB Group Rivira Youtube
To Top