දේශපාලන

මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා පොහොට්ටුවෙන් පන්නයි

අන්තර්ජාලය හරහා 15 හැවිරිදි දැරියක් ලිංගික ජාවාරමේ යෙදවීමේ අදාළ සිද්ධියට අත්අඩංගුවට පත් වූ මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ උප සභාපති අයි. එම්. ලලිත් එදිරිසිංහ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වයෙන් ඉවත් කර තිබෙනවා.

බරපතල වූ දූෂණ ක්‍රියාවක් සිදු කිරීම සම්බන්ධයෙන් අදාළ උප සභාපතිවරයා අත්අඩංගුවට පත් වීම සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බව පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ සාගර කාරියවසම් මහතා නිකුත් කරන ලද නිවේදනයක දැක්වේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන කිසියම් පලාත් පාලන සභිකයෙකුට දූෂණ චෝදනාවක් එල්ල වන අවස්ථාවක දී ඔවුන්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කර විනයානුකූලව ක්‍රියාමාර්ග ගන්නා බව ද සාගර කාරියවසම් මහතා සඳහන් කරයි.

ඒ අනුව, ඊට අදාළ චෝදනා පත්‍රය මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා වෙත යැවීමට නියමිතයි. නැවත දැනුම් දෙන තුරු අයි. එම්. ලලිත් එදිරිසිංහ මහතා හට පොදුජන පෙරමුණ වෙනුවෙන් හෝ එහි සාමාජිකයෙකු ලෙස හෝ පෙනී සිටීම තහනම් වනු ඇත.

සම්බන්ධිත පුවත්

Rivira FB Group Rivira Youtube
To Top