සිසුන් 100ට අඩු පාසල් 2962ක අධ්‍යයන කටයුතු සෞඛ්‍ය අංශවල පූර්ණ නිර්දේශවලට අනුකූලව ජුලි මාසයේ දී ආරම්භ කිරීමට වැඩපිළිවෙලක් සැලසුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව පැවසුවේ ජුලි 02 වන දින අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ය.
මෙරට තුළ ළමුන් 50ට අඩු පාසල් 1439ක් සහ ළමුන් 51ත් 100ත් අතර සිටින පාසල් 1523ක් ඇති බව ද එහිදී අමාත්‍යවරයා සඳහන් කළා.
අදාළ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට පළමුව ගුරුවරුන්ට එන්නත් ලබා දීම සිදු කිරීම අනිවාර්ය බව ජනාධිපතිවරයා සමඟ පැවති සාකච්ඡාවේ දි අවධාරණය කළ බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.
ප්‍රථමයෙන්ම එම පාසල් ආරම්භ කිරීමෙන් අනතුරුව නිසි සැලසුමකට අනුව අනෙකුත් පාසල් ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.

