අන්තර්ජාලය හරහා 15 හැවිරිදි දැරියක ලිංගික ජාවාරමේ යෙදවීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් පුද්ගලයින්ෙ අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, නීතීඥ අජිත් රෝහණ මහතා පවසයි.
අත්අඩංගුවට ගත් පිරිස අතර මැණික් ව්‍යාපාරිකයෙක්, නැවක කපිතාන්වරයෙක් හා ඔහුගේ සහායකයෙක් ද සිටින බව අනාවරණය වී තිබෙනවා. ඒ අනුව, මෙම සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයින් සංඛ්‍යාව 26කි. ඔවුන්ගෙන් 20 දෙනෙකු දැරිය ලිංගික කටයුතු සඳහා අපයෝජනය කළ පුද්ගලයින් වන අතර අනෙක් පිරිස දැරිය ලිංගික කටයුතු සඳහා අලෙවි කළ සහ ප්‍රවාහනය කළ පුද්ගලයින් බවට හඳුනාගෙන තිබේ.
එම දැරියගේ ජංගම දුරකථනය පරීක්ෂා කිරීමේදී තවත් පුද්ගලයින් රැසක් පිළිබඳව තොරතුරු අනාවරණය වෙමින් පවතින බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි. ඒ අනුව, තවත් පුද්ගලයින් 16 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිත බව ද ඔහු සඳහන් කරයි.
ගල්කිස්ස මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාට ලැබුණු තොරතුරක් මත ජුනි 07 වැනි දින ගල්කිස්ස ප්‍රදේශයේ දැරිය රඳවාගෙන සිටි කුලී නිවස වටලා එම දැරිය සහ තවත් පුද්ගලයෙක් අත්අඩංගුවට ගන්නා ලදී.
මෙම සිද්ධියට අදාළව ජුනි 30 වන දින පුද්ගලයින් 17 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබූ අතර අතර දැරියගේ මව, දැරිය අලෙවි කළ පුද්ගලයාගේ අනියම් බිරිඳ, ලිංගික කටයුතු සඳහා දැරිය ප්‍රවාහනය කළ ත්‍රීරෝද රථයේ රියදුරු, මෝටර් රථ රියදුරන් දෙදෙනෙක්, දැරියගේ ඡායාරූප ඇතුළත් කරමින් අන්තර්ජාලයේ දැන්වීම සකස් කළ පුද්ගලයා, චීවරධාරියෙක් හා දැරිය ලිංගික අපචාරයට ලක් කළ පුද්ගලයින් ද වේ.
එමෙන්ම, ඊට පසුව තවත් තිදෙනෙක් අත්අඩංගුවට ගත් අතර ඒ අතර මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා ද වේ.
මෙම දැරිය මාස තුනක පමණ කාලයක් තිස්සේ රුපියල් 10,000 සිට 30,000 දක්වා මුදලකට අන්තර්ජාලය ඔස්සේ අලෙවි කර තිබෙන බව හෙළිව ඇත. ගල්කිස්ස මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා හට ලැබුණු තොරතුරු මත ජුනි 07 වැනි දින අදාළ වැටලීම සිදු කර ඇත.
සම්බන්ධිත පුවත්
- මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා පොහොට්ටුවෙන් පන්නයි
- 15 හැවිරිදි දැරිය අන්තර්ජාලය හරහා අලෙවි කළ සිද්ධියට ප්‍රා. සභා උප සභාපතිවරයෙක් අත්අඩංගුවට
- 15 හැවිරිදි දියණිය ලිංගික ජාවාරමේ යෙදවූ මව ඇතුළු 17ක් අත්අඩංගුවට

