කොවිඩ්-19

ෆයිසර් එන්නත් පළමු තොගය අනිද්දා මෙරටට

ශ්‍රී ලංකාවට හිමි වන ඇමරිකාවේ නිෂ්පාදනය කරන “ෆයිසර්” එන්නත් තොගයේ පළමු කොටස ජුලි 05 වන දින මෙරටට ලැබීමට නියමිත බව ඖෂධ නිෂ්පාදන, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා.

මෙලෙස ලැබෙන එන්නත් මාත්‍රා ප්‍රමාණය 26,000ක්. එසේම, තවත් එන්නත් මාත්‍රා 26,000ක් ලබන සතිය වන විට මෙරටට ලැබීමට නියමිත බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.

ඉදිරියේ දී තවත් ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂ දෙකක් මෙරට ලැබීමට නියමිත බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා. එම එන්නත් ලැබුණු වහාම අදාළ ජන කණ්ඩායම් වෙත ලබා දීමට පියවර ගන්නා බව ද ඔහු පැවසුවා.

එමෙන්ම, ‘මොඩර්නා’ එන්නත් තොගයක් ද ඉදිරියේ දී මෙරටට ලැබීමට නියමිතයි.

Rivira FB Group Rivira Youtube
To Top