අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට අදාළව සිරගතව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට ද ජනාධිපති පොදු සමාව ලබා දෙන ලෙස සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය විසින් ඉල්ලීමක් සිදු කරයි.
නිවේදනයක් නිකුත් කරමින් එම ව්‍යාපාරයේ සභාපති කරු ජයසූරිය මහතා පවසන්නේ, ආණ්ඩුවේ දේශපාලඥයින්ට එක් නීතියක් ද විපක්ෂයේ දේශපාලඥයින්ට එක් නීතියක් ද ක්‍රියාත්මක වන බව පෙනී යන බවයි. එබැවින්, රන්ජන් රාමානායක මහතා වෙත ඔවුන්ගේ විශේෂ අවධානයක් යොමු කරන බව ද ඔහු අවධාරණය කරයි.
රන්ජන් රාමනායක මහතා යනු දකුණු ආසියාවේ ම ප්‍රසිද්ධියක් උසුලන ජනප්‍රිය රංගන ශිල්පියෙක් බවත්, ඔහු නිහතමානී අයෙක් වන බවත්, නිතර අසන්නට ලැබෙන වංචා, දූෂණ කිසිවකට ඔහු හවුල් වී ඇති බව අසා නොමැති බවත් එම නිවේදනයේ සඳහන් වෙයි. ඒ අනුව, ජනාධිපති සමාව යටතේ රන්ජන් රාමනායක මහතා සම්බන්ධයෙන් ගත හැකි නීත්‍යානුකූල ක්‍රමවේදයන් හා සම්ප්‍රදායන් යොදා ගනිමින් සලකා බලන්නැයි ජනාධිපතිවරයා වෙත ඉල්ලීමක් ද එමඟින් සිදු කර තිබෙනවා.
එම සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.



