නොරොච්චෝලේ පොලිස් බල ප්‍රදේශයේ දී පුද්ගලයෙකු පැහැරගෙන ගොස් පහර දී අතරමඟ දමා යාමේ සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදාවේ කපිතාන්වරයෙකු ඇතුළු සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, නීතීඥ අජිත් රෝහණ මහතා පවසනවා.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන ලද මූලික විමර්ශනවලදී අදාළ සැකකරුවන් සම්බන්ධයෙන් යුද හමුදාව දැනුවත් කළ බවත් අනතුරුව යුද හමුදාව විසින් මෙම පිරිස අත්අඩංගුවට ගෙන නොරොච්චෝලේ පොලීසිය වෙත භාර දුන් බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.
මෙම පිරිස යුද හමුදාවට අයත් කල්ලාර් යුද හමුදා කඳවුරට අයත් යුද හමුදා සාමාජිකයින් ය. අත්අඩංගුවට ගත් පිරිස අතර කපිතාන්වරයාට අමතරව කෝප්රල්වරයෙකු සහ ලාන්ස් කෝප්‍රල්වරු දෙදෙනෙකු සිටියි.
පසුගිය ජුනි 30 වන දින සිදු වූ මෙම සිදුවීම සම්බන්ධයෙන් මීට පෙර හමුදා සෙබළෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර පුද්ගලික ආරවුලක් මත මෙම පහරදීම සිදු කර ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කරයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් ජුලි 04 වන දින අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.
