අන්තර්ජාලය හරහා දැන්වීම් පළ කරමින් 15 හැවිරිදි දැරියක ලිංගික ජාවාරමේ යෙදවූ සිද්ධියට අදාළව එම දැන්වීම් පළ කරන ලද වෙබ් අඩවියේ හිමිකරු ජුලි 03 වන දින අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහු පානදුර නල්ලූරුව ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි පුද්ගලයෙකු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.
මීට අමතරව, මෙම වෙබ් අඩවියේ මුදල් පාලකවරයා ලෙස කටයුතු කළ පිළියන්දල මාවිත්තර අළුබෝලන්ද ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි පුද්ගලයෙකු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඩිජිටල් වෝහාරික අංශයෙන් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් ජුලි 04 වැනි දින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් සැකකාරියන් දෙදෙනෙකු ඇතුළුව පුද්ගලයින් 26 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සම්බන්ධිත පුවත්
- 15 හැවිරදි දැරිය ලිංගික අපයෝජන කළ සිද්ධියට තවත් පිරිසක් අත්අඩංගුවට
- මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා පොහොට්ටුවෙන් පන්නයි
- 15 හැවිරිදි දැරිය අන්තර්ජාලය හරහා අලෙවි කළ සිද්ධියට ප්‍රා. සභා උප සභාපතිවරයෙක් අත්අඩංගුවට
- 15 හැවිරිදි දියණිය ලිංගික ජාවාරමේ යෙදවූ මව ඇතුළු 17ක් අත්අඩංගුවට

