Covid-19

බුත්තල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් ආසාදිතයෙකු පැන යයි

බුත්තල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටි ආසාදිතයකු ජුනි 04 වැනි දින පෙරවරුවේ දී එම මධ්‍යස්ථානයෙන් පැන ගොස් ඇති බව රෝහල් වෛද්‍ය අධිකාරිවරයා විසින් පොලීසියට දැනුම් දී තිබෙනවා.

මෙම පලා ගිය ආසාදිතයා අයිස්පිල්ල ප්‍රදේශයේ පදිංචි 65 හැවිරිදි අයෙක් වන අතර ඔහු ඖෂධ සංයෝජකයෙක් ලෙස කටයුතු කර තිබෙනවා.

රෝහල් වෛද්‍ය අධිකාරි එම්. එස්. කේ. ඒ. පීරිස් මහතා සඳහන් කළේ, මෙම ආසාදිතයා ජුනි 02 වන දින රෝහලට ඇතුළත් කළ බවයි. ඔහුගෙන් වෙනත් අයෙකුට රෝගය ආසාදනය වීමේ හැකියාව පවතින බවත් ඔහු තවත් දින පහක කාලයක් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ නේවාසිකව ප්‍රතිකාර ලැබිය යුතු බවත් ය. එබැවින් ඔහුගේ අතුරුදහන් වීම පිළිබඳව පොලීසියට දැනුම් දීමට කටයුතු කර තිබෙනවා.

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top