බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව සමගි ජනබලවේගය විසින් කථානායකවරයාට ලබා දුන් විශ්වාසභංග යෝජනාව ජුලි 19 හා 20 යන දෙදින විවාදයට ගැනීමටපක්ෂ නායකයින් තීරණය කර තිබෙනවා. ඒ, ජුලි 05 වැනි දින පෙවරුවේදී පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව රැස් වු අවස්ථාවේදී ය.
මේ අනුව, අදාළ යෝජනා පිළිබඳ ඡන්ද විමසීම ජුලි 20 වැනි දින පස්වරුවේ දී පැවැත්වීමට නියමිතයි.
ඉන්ධන මිල ඉහළ දැමීම ඇතුළු කරුණු 10ක් මුල් කරගනිමින් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් 43 දෙනෙකුගේ අත්සනින් යුත් මෙම විශ්වාසභංග යෝජනාව ජුනි 16 වැනි දින කථානායකවරයාට භාර දෙනු ලැබීය.
මේ අතර ජුලි 06 වැනි දින සිට ජුලි 09 වැනි සිකුරාදා දක්වා දින 04 තුළ දී ම පාර්ලිමේන්තුව පැවැත්වීමට පක්ෂ නායක රැස්වීමේ දී තීරණය කර තිබෙනවා.
සම්බන්ධිත පුවත්
- ගම්මන්පිලට එරෙහිව විශ්වාසභංගයට දින තීරණය මීළඟ පක්ෂ නායක රැස්වීමේ දී
- ගම්මන්පිල කෙරේ තිබූ විශ්වාසය භංග වූ බවට සජබයෙන් විශ්වාසභංග යෝජනාවක්
