ත්රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග යටතේ රඳවා තබා ගෙන සිටින වන්නි දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ සොහොයුරු වන රියාජ් බදියුදීන් විසින් ගොනුකළ මූලික අයිතිවාසිකම් සලකා බැලීමේ විනිසුරු මඩුල්ලෙන් විනිසුරු මහින්ද සමයවර්ධන මහතා ද ඉල්ලා අස්වී තිබෙනවා.
ඒ අනුව, තමන්ව අත්අඩංගුවට ගෙන ත්රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ගැනීම නීතිවිරෝධී යැයි තීන්දු කරන ලෙස ඉල්ලා රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ සොහොයුරා වන රියාජ් බදියුදීන් වෙන වෙනම ගොනු කල මෙම පෙත්සම් විභාගයෙන් ඉල්ලා අස් වූ සිව්වැනි විනිසුරුවරයා වන්නේ සමයවර්ධන මහතා ය. අදාළ පෙත්සම් විභාගය ජුලි 05 වැන දින කැඳවූ අවස්ථාවේ දී විනිසුරුවරයා දැනුම් දුන්නේ පෞද්ගලික හේතුවක් මත තමා විනිසුරු මඩුල්ලෙන් ඉවත් වන බවයි.
මීට පෙර, ඒ.එච්.එම්.ඩී. නවාස්, යසන්ත කෝදාගොඩ හා ජනක් ද සිල්වා යන විනිසුරුවරුන් අදාළ පෙත්සම් විභාගයෙන් ඉවත් වී තිබුනා. මෙම පෙත්සම පිළිබඳ වැඩිදුර විභාගය ජුලි 08 වැනි දා සිදු කිරීමට නියමිතයි.
