ත්‍රිවිද හමුදාව විසින් දිවයින පුරා පිහිටි එන්නත්කරණ මධ්‍යස්ථාන 18ක දී සයිනොෆාම් එන්නත ලබා දීමේ කටයුතු ජුලි 05 වන දින සාර්ථක අන්දමින් සිදු කර තිබෙනවා.
යුද හමුදාව බස්නාහිර පලාත හා ඉන් පිට පලාත් කේන්ද්‍ර කරගනිමින් මධ්‍යස්ථාන 12 දී එන්නත් ලබා දී තිබු අතර ගුවන් හමුදාව සහ නාවික හමුදාව බස්නාහිර පලාත කේන්ද්‍ර කර ගනිමින් එන්නත්කරන වැඩපිළිවෙල කි‍්‍රයාත්මක කර තිබෙනවා.
ඒ අනුව, යුද හමුදාව විසින් නාරාහේන්පිට යුද හමුදා රෝහල, පනාගොඩ (බෝධිරාජාරාමය), බත්තරමුල්ල (දියත උයන,) වේරහැර (1 වන වෛද්‍ය බලකාය) ගාල්ල (විද්‍යාලෝක විද්‍යාලය) මාතර (මහින්ද රාජපක්ෂ විදුහල) බදුල්ල (දියතලාව ආරක්ෂක සේනා මුලස්ථානය), අනුරාධපුර (අනුරාධපුර යුද හමුදා රෝහල), පොලොන්නරුව (මින්නේරිය පාබල පුහුණු පාසල) ,කිලිනොච්චිය (කිලිනොච්චි යුද හමුදා රෝහල), මුලතිව් (පුදුකුඩිඉරුප්පු දෙමළ විදුහල), මන්නාරම (ආයෝජන මණ්ඩල ගොඩනැගිල්ල) යන ස්ථානවලදී එන්නත් ලබා දීමේ කටයුතු සිදු කර තිබෙනවා.
එමෙන්ම, ගුවන් හමුදාව විසින් කටුනායක ගුවන් හමුදා කඳවුර (රාජ් ප්‍රනාන්දු කී‍්‍රඩාංගනය), ඒකල ශි‍්‍ර බෝධිරුක්ඛාරාම විහාරස්ථානය, රත්මලාන ගුවන් හමුදා කඳවුර පරිශ්‍රය අසල, සහ කොළඹ 8 ගුවන් පුර කඳවුර, ( බොරැල්ල තානියාගම් දෙමළ විදුහල) යන ස්ථාන කේන්ද්‍ර කරගනිමින් සිදු කර තිබෙනවා.
නාවික හමුදා මුලස්ථානය මගින් කොළඹ චෛත්‍ය පාරේ ප්‍රදීපාගාරය පරිශ්‍රය අසල දී සහ වැලිසර නාවික හමුදා රෝහල මගින් වැලිසර ඇලපිටිවෙල චන්ද්‍රවංශ විද්‍යාලයේ දී එන්නත් කිරීම සිදුකළ බව නාවික හමුදාව පවසයි.
බස්නාහිර පලාත තුළ පිට පලාත්වල පදිංචි වයස අවුරුදු 30 ට වැඩි පුද්ගලයින් සඳහා ‘‘සයිනොෆාම්” එන්නතෙහි පළමු මාත්‍රාව සහ දෙවන මාත්‍රාව ලබා දීම මෙම ස්ථානවලදී සිදු කෙරිණි.
මෙම එන්නත්කරණ වැඩසටහන උදෑසන 08.30 පැයේ සිට සවස 04.30 පැය දක්වා කාල සීමාව තුළ දිනපතා පැවැත්වේ

