කොවිඩ්-19

පාසල් ගුරුවරුන්ට එන්නත් ලබා දීම හෙට ඇරඹෙයි

දිවයින පුරා පාසල්වල ගුරුවරුන්ට හා අනධ්‍යන කාර්යමණ්ඩලයේ සේවකයින්ට කොරෝනා මර්දන එන්නත ලබා දීම ජුලි 07 වැනි දින සිට ආරම්භ කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි. පාසල්වල අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලය 279,020ක් බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

එමෙන්ම, අධ්‍යාපන අමාත්‍යාංශය , විභාග දෙපාර්තුමේන්තුව, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යන ආයතන තුනෙහි 2000කට ආසන්න වූ නිලධාරීන් හා සේවකයින්ට ද ජුලි 07 වන දින සිට කොරෝනා මර්දන එන්නත ලබා දීමට නියමිතයි.

අදාළ එන්නත්කරණ වැඩසටහන ඉදිරි සති දෙකක කාලයක් තුළ ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

Rivira FB Group Rivira Youtube
To Top