News

පෙට්‍රල් හිඟයක් ඇති වන බවට පලවන වාර්තා පදනම් විරහිතයි

රට තුළ ප්‍රෙට්‍රල් හිඟයක් ඇති වන බවට ඇතැම් මාධ්‍ය මඟින් වාර්තා කර තිබු පුවත් අසත්‍යය බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

අදාළ නිවේදනය මඟින් අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ජුලි 06 වන දින වන විට රට තුළ තවත් දින 30කට ප්‍රමාණවත් පෙට්‍රල් තොග රට තුළ පවතින බවයි.

ජුලි මස 19 වන දිනයේ දී පෙට්‍රල් මෙට්‍රික් ටොන් 35,000ක් සහිත තෙල් නැවක් මෙරටට පැමිණීමට නියමිත බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

Rivira FB Group Rivira Youtube
Rivira Ads

Rivira.lk අන්තර්ජාල පුවත්පත.

විමසීම් සහ පුවත් යොමු කිරීම් - rivira@rivira.lk

Copyright © 2019 Rivira.lk

To Top