Covid-19

පොදු රැස්වීම් හා උද්ඝෝෂණ නැවත දැනුම් දෙන තුරු තහනම්

මහජනයා එක්රැස්වෙන පොදු රැස්වීම් හා උද්ඝෝෂණ හේතුවෙන් කොරෝනා පැතිරීමේ අවදානමක් පවතින බැවින් නැවත දැනුම් දෙන තුරු උද්ඝෝෂණ හා මහජන එක්රැස්වීම් පැවැත්වීම තහනම් කර ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

පොලිස්පතිවරයා වෙත ලිපියක් යොමු කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා ඒ පිළිබඳව දන්වා ඇති බව පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

මෙම නියෝගය නොකතා උද්ඝෝෂණ හා රැස්වීම් කරන පුද්ගලයන්ට එරෙහිව නීරෝධායන නීතිය යටතේ ක්‍රියා කරන බවද පොලිස් මුලස්ථානය වැඩිදුරටත් පවසයි.

Rivira FB Group Rivira Youtube
Rivira Ads

Rivira.lk අන්තර්ජාල පුවත්පත.

විමසීම් සහ පුවත් යොමු කිරීම් - rivira@rivira.lk

Copyright © 2019 Rivira.lk

To Top