News

අත්අඩංගුවට ගත් සමන්ත විද්‍යාරත්න හා නාමල් කරුණාරත්න ඇප මත මුදා හැරේ

බණ්ඩාරවෙල, බොරලන්ද ප්‍රදේශයේදී පසුගිය ජූලි 01 දින පැවති ගොවි උද්ඝෝෂණයට නායකත්වය දීම සම්බන්ධයෙන් බෝගහකුඹුර පොලීසිය මගින් අත්අඩංගුවට ගත් සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න, ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න ඇතුළු පස්දෙනෙකු වැලිමඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර කිරීමෙන් පසු ඇප මත මුදා හැර තිබෙනවා.

පොහොර හිඟයට විසඳුම් සොයන ලෙස බල කරමින් පැවැත් වූ උද්ඝෝෂණයක් අතරතුර නිරෝධායන නීති උල්ලංඝණය කළ බවට චෝදනා කරමින් අධිකරණය හමුවට ඉදිරිපත් කළ අතර එහිදී සියලු කරුණු සළකා බැලීමෙන් අනතුරුව සැකකරුවන් පිරිස රුපියල් ලක්ෂයක ශරීර ඇප මත පිරිස මුදා හැරීමටත් සැප්තැම්බර් 06 දින නඩුව නැවත කැදවීමටත් අධිකරණය තින්දු කර තිබෙනවා.

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න සහ සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ කැඳවුම්කරු නාමල් කරුණාරත්න ඇතුළු 5 දෙනෙකු ජුලි 07 වන දින බෝගහකුඹුර පොලීසිය වෙත භාර වීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලැබුවා.

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top