රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් එන්නත් මාත්‍රා 50,000ක් ජුලි 07 වන දින අලුයම දිවයිනට රැගෙනවිත් තිබෙනවා.
රුසියාවේ ගැමලයා වෛද්‍ය නිෂ්පාදනාගාරයේ සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි වෙත ගෙන ගොස් එතැන් සිට එමිරේට්ස් ගුවන් සේවයේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයකින් රැගෙන ආ මෙම එන්නත් මාත්‍රා 50,000 කටුනායක ගුවන්තොටුපොළේ දී ශ්‍රී ලංකා ඖෂධ නීතිගත සංස්ථාව වෙත භාර දී තිබේ.
පසුව, ශ්‍රී ලංකා ඖෂධ නීතිගත සංස්ථාවේ විශේෂ ශීතකරණ සහිත ලොරි රථ මඟින් එම සංස්ථාවේ කොළඹ පිහිටි මධ්‍යම ගබඩා සංකීර්ණය වෙත රැගෙන ගොස් තිබෙනවා.

