ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා සිය ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ මන්ත්‍රීධූරය සඳහා බැසිල් රෝහණ රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස තෝරා පත්කර ගත් බව මැතිවරණ කොමිසම විසින් ජූලි 07 දින නිකුත් කළ 2235/35 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත්කරනු ලැබීය.
ඒ 1981 අංක 1 දරණ පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 64 (5) වන වගන්තිය ප්‍රකාරවයි. මේ අනුව, පක්ෂයේ ආරංචි මාර්ග තහවුරු කර සිටියේ ජූලි 08 දින පෙරවරුවේ බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දීම සිදුවන බවයි.


