Politics

වෙල්ගමගේ අලුත් පක්ෂය ගැන දයාසිරිගෙන් පැමිණිල්ලක්

කුමාර වෙල්ගමගේ මහතා විසින් නව දේශපාලන පක්ෂයක් ලියාපදිංචි කිරීමට විරෝධතාවයක් දක්වමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා විසින් මැතිවරණ කොමිෂන් සභාව වෙත ජුලි 07 වන දින පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

අදාළ පැමිණිල්ලේ සඳහන් කර තිබෙන්නේ කුමාර වෙල්ගමගේ මහතා විසින් ‘අපි ශ්‍රී ලංකා’ යන නමින් නව දේශපාලන පක්ෂයක් ලියාපදිංචි කිරීමට සූදානමක් තිබෙන බවත් එමඟින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අගතියක් සිදු විය හැකි බවයි.

‘අපි ශ්‍රී ලංකා’ යන නාමය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක හා සමාන ලෙස පෙනෙන බැවින් කුමාර වෙල්ගමගේ මහතාගේ නව පක්ෂයේ නාමය වෙනස් කළ යුතු බව ද අදාළ පැමිණිල්ලේ සඳහන් කර තිබේ.

මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් පසු දයාසිරි ජයසේකර මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ, සමගි ජනබලවේගයෙන් කළුතර දිස්ත්‍රික්කයෙන් මැතිවරණයට ඉදිරිපත් වී ඇති කුමාර වෙල්ගම මහතා වෙනත් පක්ෂයක් සෑදීමට ගන්නා උත්සාහය ඉදිරියේ දී විශාල අර්බුදයක් ඇති කරන බවයි. එමෙන්ම, කුමාර වෙල්ගම මහතා පාර්ලිමේන්තුවට තේරී පත් වූයේ සමගි ජනබලවේගයෙන් බැවින් නව පක්ෂයක් පිහිටුවීම සමගි ජනබලවේගයේ ඡන්ද දායකයින්ට සිදුකරන අසාධාරණයක් බවයි.

Rivira FB Group Rivira Youtube
Rivira Ads

Rivira.lk අන්තර්ජාල පුවත්පත.

විමසීම් සහ පුවත් යොමු කිරීම් - rivira@rivira.lk

Copyright © 2019 Rivira.lk

To Top